Tuesday, April 23, 2013

අඹ ප්‍රශ්නය

අඹ ප්‍රශ්නෙ කියපු ගමන් කාට කාටත් මතක් වෙන්නෙ මිහිඳු මහ රහතන් වහන්සෙ ත්ස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්නනෙ. ඒත් මේක වෙන ප්‍රශ්නයක්. පොඩි කවියක් (වගේ එකක්) තියෙනව.

හොරු හතළිස් හතරක් අඹ පනහක් සොරාගෙන
ඉන් දහයක් එක සොරෙකුත් සොරාගෙන
ඉතිරිය සමසේ බෙදාගෙන


මේ අඹ බෙදද්දි එක අඹයක් වත් කපන්න බෑ. අමාරු ප්‍රශනයක් නෙමෙයි. ඒ නිසා කරන්න ඕනෙ මොකක්ද කියල කියනන් බැහැ. අමාරුයි වගේ නම් වෙන විදියකට හිතල බලන්නකො...

පිළිතිර ;

"ඉන් දහයක් එක සොරෙකුත් සොරාගෙන" කියන පදය "ඉන් ද හයක් එක සොරෙකුත් සොරාගෙන" කියල වෙනස් වුණාම හරී. ඇනෝ හරි පිළිතුර දීල තියෙනවා.