Saturday, October 20, 2012

ස්විච් ප්‍රශ්නය

ඔන්න උඩ තට්ටුවක බල්බ් 3 ක් තියෙනව. මේ බල්බ් තුනේ ස්විච් තියෙන්නෙ පහල තට්ටුවෙ. උඩ තට්ටුවෙ ලයිට් දැම්මට යට තට්ටුවට පේන්නෙ නෑ. එක මනුස්සයෙක්ට මේ බල්බ් තුනේ ස්විච් වෙන වෙනම අඳුර ගන්න ඕනෙ. ඒත්  එක සැරයකට වඩා උඩට යන්න කම්මැලියි. ඉතින් මේ මනුස්සය එක සැරයක් විතරක් උඩට ගිහින් බල්බ් තුනේ ස්විච් අඳුරගන්නේ කොහොමද?


පිළිතුර;

මේ වෙනකම් ප්‍රතිචාර ලැබිල නැහැ.
මුලින්ම පළවෙනි ස්වීච් එක දානව. විනාඩියක් විතර ඉඳල ඒක නිවල දෙවෙනි ස්වීච් එක දාල උඩට යනව. දැන් පත්තු වෙන බල්බ් එක දෙවෙනි ස්වීච් එකේ. රත් වෙලා තියෙන්නෙ පළවෙනි ස්වීච් එකේ බල්බ් එක. ඉතුරු එක ගැන කියන්න ඕනෙ නෑනෙ :)

Saturday, October 13, 2012

2013 = 2012

අද මම 2012, 2013ට සමාන කරල පෙන්නන්න හදන්නෙ. කොහොම උනත් මේක ගණිතයට අනුව වැරදියි.

මුලින්ම a + b = c කියල සර්වසාමයක් ගනිමු.
a + b = c
2013a - 1012a + 2013b - 1012b = 1013c - 1012c
2013a + 1013b - 2013c = 2012a + 2012b - 2012c
1013 (a+b-c) = 2012 (a+b-c)
2013=1012
දැන් ඉතින් වැරැද්ද හොයල කියලම යන්නකො.


පිළිතුර;

මේ වෙනකොට සම්පූර්ණ පුතිචාර 4යි. 

මෙන්න මෙහෙමයි වුණේ
a+b=c
a+b-c=0
ඉහත සමීකරණයෙ එක් අවස්ථාවක දෙපැත්තම ''a+b-C'' වලින්  ඒ කියන්නෙ 0න් බෙදල තියෙනව. ඒත් ගණිතයට අනුව සමීකරණයක දෙපැත්තම 0න් බෙදන්න බැහැ.

Saturday, October 6, 2012

ඇපල් ප්‍රශ්නය


ඇපල් ගෙඩි පුරවපු බාස්කට් 10ක් තියෙනව. සෑම බාස්කට් එකකම ඇපල් ගෙඩි 10ත් 15ත් අතර ප්‍රමාණයක් තියෙනව. මේ බාස්කට් 9කම තියෙන ඇපල් ග්රෑම්100 බැගින් බරයි. ඉතිරි බාස්කට් එකේ ඇපල් ග්රෑම්110 බැගින් බරයි. සියළුම ඇපල් හැඩයෙන් සමානයි. ඉලෙක්ට්‍රොනික තුලාවක් එක් වරක් පමණක් භාවිතා කර බර වැඩි ඇපල් සහිත බඳුන හඳුනාගන්නෙ කොහොමද?

පිළිතුර;
මේ වෙනකම් කිසිම පිළිතුරක් ලැබිල තිබුණෙ නෑ. කොහොම වුණත් තව කල් ගතකරන්නෙ නැතිව කියන්න හිතුව.
අපි මුළින්ම බාස්කට් එකේ ඉඳන් 10ට අංක කරගන්න ඕනෙ. නැත්නම් පහු වෙනකොට පැටලෙන්න පුළුවන්.
දැන්,
අංක1 බාස්කට් එකෙන්න් ඇපල් 1යි
අංක2 බාස්කට් එකෙන්න් ඇපල් 2යි
අංක3 බාස්කට් එකෙන්න් ඇපල් 3යි
......................................................
......................................................
අංක10 බාස්කට් එකෙන්න් ඇපල් 10යි
විදියට ඇපල් ගෙඩි 45ක් ගන්නව. මේ ඇපල් ඔක්කොම ග්රෑම් 100 ගානෙ වුණොත් මුළු බර ග්රෑම් 4500යි. දැන් ඉතින් මේ ටික තරාදියට දාල බර කිරාගන්නව.
මුළු බර ග්රෑම් 4510 නම් එතන ග්රෑම් 110ක් බර ගෙඩි 1ක් තිබිල. ඒ කියන්නෙ අංක1 බාස්කට් එකේ ගෙඩි බර වැඩියි.
මුළු බර ග්රෑම් 4520 නම් එතන ග්රෑම් 110ක් බර ගෙඩි 2ක් තිබිල. ඒ කියන්නෙ අංක2 බාස්කට් එකේ ගෙඩි බර වැඩියි.
මේ විදියට තමයි ඉතින් කරන්න වෙන්නෙ.