Monday, January 14, 2013

සංඛ්‍යාව සොයන්න

යම් ඉලක්කම් තුනේ (3) සංඛ්‍යාවක් ඇත.එහි මුල් ඉලක්කම් දෙකේ (2) ස්ථාන මාරු කල විට , මුල් සංඛ්‍යාවට වඩා සියයට විස්සකින් ( 20% ) වැඩි සංඛ්‍යාවක් ලැබේ.

මුල් සංඛ්‍යාව කුමක් ද?


 පිළිතුර ;

 450 
හස රැල් හරි උත්තරේ දීලා තියෙනවා.

Tuesday, January 1, 2013

මුහුණු පොතේ chat එකෙන් කැමති පින්තූරයක් යවමු.

අළුත් අවුරුද්දෙ හා හා පුරා කියල දාන පෝස්ට් එක. යාළුවන්ට අවුරුද්දට වෙනස් විදියකට සුභ පතන්න හොඳ ක්‍රමයක්.

මුහුණු පොතේ chat කර කර ඉන්නකොට සමහර යාළුවො පින්තූර එවනව දැකල ඇතිනෙ. ලඟදි දවසක මටත් එහෙම පින්තූරයක code එකක් හමු වුණා. ඕක දැකපු වෙලේ තමා අපි කැමති පින්තූරයකට code එකක් හදන හැටි හොයන්න හිතුණෙ. මුලින්ම හොයාගත්ත විදිය නම් ටිකක් සංකීර්ණයි. මේ වීඩියෝ එක බලල පුළුවන් නම් උත්සාහ කරන්න.


දැන් ඉතින් ඕක අමාරුයි කියල අත ඇරල දාන්න ඕනෙ නෑ. තව ලේසි ක්‍රමයක් තියෙනව. හැබැයි මේ වැඩේට මතක ඇතුව පොඩි පින්තූරයක් තොරගන්න. නැත්නම් ඉතින් හිස් කොටු ටිකක් තමා එන්නෙ. පින්තූර විතරක්ම නෙමෙයි. ලස්සනට පාට පාට අකුරු ලියන්නත් පුළුවන්. එහෙනම් මෙතෙන්ට ගිහින් කියල තියෙන විදියට කරල බලන්නකො.

Monday, December 31, 2012

නැති වුණ ටොෆිය

ඔක්කොටම කලින් මේ පැත්තෙ ආපු නාපු හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දකට සුභ පතනව.

මේ අළුත් අවුරුද්දෙ ඉඳන් අපිත් පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුව. හැමදාම ප්‍රශ්න අහන්නෙ නැතිව වෙන මොනව හරිත් ලියන්න තමයි හිතන් ඉන්නෙ.  තාම මොනව ලියනවද කියල නම් හිතල නැහැ. කොහොම වුනත් සතියකට සැරයක් පුරුදු විදියටම පුශ්නයකුත් අහනව.

හරි එහෙනම් අද ප්‍රශ්නෙ අහන්නම්කො.

ඔන්න තාත්තල දෙන්නෙක් එයාලගෙ පුතාල එක්ක කඩේකට ගියා. එයාල එක්කෙනා එක ගානෙ ටොෆී ගත්ත. ගෙදර ආවම ටොෆී 3යි තිබුනෙ. මේක වුණේ කොහොමද?
කවුරුවත් ටොෆි කාලවත් නැති කරගෙන වත් නැහැ.

Monday, December 24, 2012

ආච්චිගෙ වයස හොයමු.

දවසක් කසුන්ට එයාගෙ ආච්චිගෙ වයස හොයන්න ඕනෙ වුණා. ඉතින් මෙයා ගිහින් ආච්චිගෙන් ඇහුවම ආච්චි කෙලින් උත්තරයක් දුන්නෙ නැහැ. මෙන්න මෙහෙම තමා උත්තර දුන්නෙ.

" මට ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඒ හැම දෙන්නෙක් අතරම වයස පරතරය අවරුදු 4ක්. පළවෙනි ළමය ඉපදෙද්දි මගේ වයස අවරුදු 19ක්. දැන් බාලම ළමයගේ වයස අවරුදු 19ක්. "

දැන් ඉතින් ආච්චිගෙ වයස හොයල comment එකක් දාල යන්න අමතක කරන්න එපා. අකමැත්තක් නැත්නම් blog එක follow කරලම යන්න.

බුරුවාගේ ප්‍රශ්නය

ඔන්න එක්තරා බූරුවෙක් හිටියා.ඌ හැමදාම ගමන් කරන්නේ එකම දුර ප්‍රමාණයක්.හැබැයි උගේ කකුල් 2ක් 40 km ඇවිදින අතරේ අනිත් කකුල් 2 , 41 km ඇවිදිනවා.ප්‍රායෝගිකව බැලුවම බූරුවගේ කකුල් 2ක් අනිත් කකුල් 2 ට වඩා 1 km ඉදිරියෙන් තියෙන්න බැහැනේ.
අනික මේ බූරුවා කිසිම ආබාධයක් නැති හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න කෙනෙක්.

එහෙම නම් මේක වුනේ කොහොමද?


පිළිතුර  ;

බූරුවා ගමන් කරලා තියෙන්නේ වෘත්තාකාර මාර්ගයකයි.එවිට වෘත්තයේ කේන්ද්‍රය දෙසට වෙන්න තියෙන කකුල් දෙක ගමන් කරන දුර ප්‍රමාණය, කේන්ද්‍රයෙන් ඉවතට වෙන්න තියෙන කකුල් දෙක ගමන් කරන දුර ප්‍රමාණයට වඩා අඩුයි.
නිවැරදි පිළිතුර කවුරුවත් දීල තිබුනේ නැහැ.

Sunday, December 16, 2012

තොප්පි ප්‍රශ්නය

මේක නම් ගොඩක් අය දන්නවත් ඇති. දන්නෙ නැතත් පොඩ්ඩක් කල්පනා කරොත් අමාරු වෙන එකක් නෑ.
ඔන්න එකෝමත් එක කැලේකදි මිනී කන්නො සෙට් එකකට මිනිස්සු 3 දෙනෙක් අහු වුණාලු. ඉතින් මේ මිනී කන්නො එක්ක සාකච්චා කරල බේරිලා යන්න එක අවස්ථාවක් හදාගත්ත. ඒකට පොඩි ප්‍රශ්නෙකට උත්තර දෙන්න වෙනව. තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි නිවැරදි පිළිතුර දුන්නොත් තුන් දෙනාම නිදහස් කරනව.

මේ මිනී කන්නො මිනිස්සු තුන් දෙනාව එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා විදියට පෝළිමට හිටෙවුව. ඊ ලඟට සුදු පාට තොප්පි 2කුයි කළු පාට තොප්පි 3කුයි අරන් ඇවිත් මිනිස්සුන්ගෙ ඇස් වහල ඔළු වලට 3ක් දාල ඉතුරු තොප්පි 2 හැන්ගුව. දැන් ඇස් ඇරියම පිටිපස්සෙම කෙනාට ඉස්සරහ දෙන්නගෙ තොප්පි පේනව. මැද කෙනාට ඉස්සරහ තොප්පිය පේනව. මුල්ම කෙනාට එක තොප්පියක් වත් පේන්නෙ නැහැ.

නිදහස් වෙන්න ඕනෙ නම් කවුරු හරි තමන් දාගෙන ඉන්න තොප්පියෙ පාට කියන්න වෙනව. මුලින්ම අවස්ථාව ලැබුන අන්තිම කෙනා " දන්නෙ නෑ " කිවුව. ඊට පස්සෙ මැද කෙනත් " දන්නෙ නෑ " කිවුව. හැබැයි අන්තිමට උත්තර දුන්න මුලම හිටපු කෙනාට උත්තරේ දෙන්න පුළුවන් වුණා.

එයා දාගෙන හිටිය තොප්පිය මොන පාටද? දැන ගත්තෙ කොහොමද?


පිළිතුර;

Dini හරි උත්තරේ දීල තියෙනව.

Monday, December 10, 2012

රටාව හඳුනාගන්න

අද නම් ගොඩක් ලේසි වැඩක් තමයි තියෙන්නෙ. පහත කොටුවෙ ඉලක්කම් තියෙන්නෙ රටාවකට. රටාවක් කිවුවට රටාවක්ම නෙමෙයි. කොහොම වුණත් ඉලක්කම් අතර සම්බන්ධයක් තියෙනව. ඒක හඳුනාගෙන හිස් තැන් වලට එන අංක ටික කියන්නකො එහෙනම්.



පිළිතුර;

Haritha, Dini නිවැරදි පිළිතුරු දීල තියෙනව. උත්තරේ ගන්න ඕන කොටුවට උඩ කොටුවෙයි, උඩ කොටුවට වමෙන් තියෙන කොටුවෙයි එකතුව ගත්තම හරි.