Thursday, November 29, 2012

අට කොන් තරුව



සෑම පේලියක ම වෘත්තවල එකතුව 34 වන සේ මෙම රූපයේ දැක්වෙන වෘත්ත වලට 1 සිට 16 දක්වා වූ සංඛ්‍යා යොදන්න. :)
මේ  ගාණ ටිකක් අමාරුයි වගේ නිසා මං උදව්වක් කරන්නම්.
A = 10 , B = 14 ලෙස යොදාගෙන හදන්න බලන්නකෝ :)

පිළිතුර  ;

පිළිතුර දෙන්න කලින් කියන්න ඕනේ,මගේ අතින් පොඩි වැරද්දක් වුනා.මින් ඉදිරියට ඒ වගේ වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.සමාවෙන්න!මට කියන්න බැරි වුනා E,I,H,L යන අකුරු වලට අදාළ සංඛ්‍යා ඒ හරහා යන තිරස් හෝ සිරස් පේලි වලට එකතු වෙන්නේ නැහැ කියල. එහෙම ගත්තම උත්තරේ වෙන්නේ..
A = 10 , B = 14,
C = 8, D = 4, E = 2, F = 16, G = 6,
H = 13, I = 7,

J = 5, K = 11, L = 12, M = 3, N = 15,
O = 9, P = 1.
ගණන හදන්න උත්සාහ කරපු හැමෝටම ස්තුතියි !

Saturday, November 24, 2012

ජිල් බෝල ගාන කීයද?

ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට  දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.

පිළිතුර;
නිශාන්, දිනී හරි උත්තර දීල තියෙනව

ජිල් බෝල x හා වීදුරු y  ප්‍රමාණයක් තියෙනව කියල ගමු.
x = 4( y-1)
x = 3y+1
4y-4 = 3y+1
y=5 
x=16

පොල් ප්‍රශ්නය


මං අහන්න යන්නේ පොල් සම්බන්ධ ප්‍රශ්නයක්.හැබැයි මේකට පොල් නැතුව වෙන පැලයක් උනත් ගන්න පුළුවන්.
ප්‍රශ්නය මෙන්න මේකයි.පොල් පැල 10 ක් තියෙනවා.මේ පොල් පැල 10 ,එක පේලියක පැල 4 ගානේ පේලි 5 ක එක දිගට හිටවන්නේ කොහොමද?
තේරුනේ නෑ වගේද? මෙහෙමයි. පොල් පැල 10, පේලි 5ක හිටෙව්වම හැදෙන රූපය සංවෘත රූපයක් වෙන්න ඕනේ.ඒ කිව්වේ හැම පේලියක්ම එක දිගට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ.


පිළිතුර  ;

~Víðõõ~  සහ  විචාරක (Wicharaka) හරි උත්තරේ  දීල තියෙනවා... :)

Saturday, November 17, 2012

වර්ගඵලය සොයන්න


ඉහත රූපයේ අඳුරු කරපු කොටසේ වර්ගඵගය සොයන එක තමයි කරන්න තියෙන්නෙ. රූපයේ තියෙන විදියට කුඩා වෘත්තය ස්පර්ශ වෙන්න විශාල වෘත්තයට ඇඳපු ජ්‍යාය සෙන්ටි මීටර 20ක් දිගයි. පොඩ්ඩක් කල්පනා කරල බලන්නකො. හරියට මීටර් උනොත් බොහොම සරල ප්‍රශ්නයක් තියෙන්නෙ.
π, මේකත් උත්තරේට ඕනෙ වේවි. ) 


පිළිතුර;

දිනිති, නිරෝෂාන් නිවැරදි පිළිතුරු දීල තිබුණ. කොහොම උනත් හදපු ක්‍රමය පැහැදිලි වෙන්න ඕන නිසා මාත් පිළිතුර කියන්නම්.
කුඩා වෘත්තයෙ වර්ගඵගලය r හා විශාල වෘත්තයෙ වර්ගඵගලය R  කියල ගමු.
පයිතගරස් ප්‍රෙම්යට අනුව,
r 2 + 102 =  R2
πr 2 + π102 =  πR2
π102 = πR2 – πr2
අඳුරු කල කොටසේ වර්ගඵලනය = πR2 – πr2 = 100π

Sunday, November 11, 2012

ඉංග්‍රීසියෙන් එකතු කරන්න

 
ඕං කලින් අහපු හැම ප්‍රශ්නෙකයම පිළිතුරු දීල ඉවර කරා. අදින් පස්සෙ අහන හැම ප්‍රශ්නෙකටම පිළිතුර ඒ සතියෙ සෙනසුරාදට දෙන්න ට්‍රයි කරන්නම්කො. එහෙනම් ප්‍රශ්නෙ බලමුකො.

අද නම් වෙනදට වඩා ටිකක් අමාරු ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ.
පහත දීල තියෙන හැම අකුරකටම ඉලක්කමක් ආදේශ කරන්නකො බලන්න. හැබැයි එකම අකුරට ඉලක්කම් 2ක් එන්න බෑ. අන්තිමට එකතුවත් හරි යන්න ඕනෙ.

        TWO
     THREE
+  SEVEN
 TWELVE

වෙලාව මදි වගේද? එහෙනම් කරන්න තියෙන වැඩ ටික කරල පස්සෙ මතක ඇතුව හදන්න. :) සතියක්ම තියෙනවනෙ.


පිළිතුර;

දිනිති නිවැරදි පිළිතුර දීල තියෙනව. ඒ පිළිතුරේම O,N සඳහා අගයන් මාරු කරාම තව පිළිතුරක් ගන්න පුළුවන්.

Wednesday, November 7, 2012

ඉතිරි ප්‍රශ්නය

ඔන්න ගණුදෙනුකරුවෙක් බැංකුවක රුපියල් 5000 100ක් තැන්පත් කරාලු. දැන් කස්ටිය අහවි රුපියල් 100 අහවල් එකටද බැංකුවෙ දැම්මෙ කියල. ප්‍රශ්නෙ සරල කරන්න තමයි 100ක් ගත්තෙ. ඉතින් මේ මනුස්සය 6 සැරේකට මේ රුපියල් 100 ගන්නව. ඒ මුදල් ගත්තු හැටි හා ඉතිරිය පහතින් දීල තියෙනව.

ආපසු ගැනීම             ඉතිරිය
  50                            50
  25                            25
  10                            15
   8                               7
   5                               2
   2                               0    
  100                          99

මේ එකතු දෙක අසමාන ඇයි?

පිළිතුර;

සම්පූර්ණ ප්‍රතිචාර 4යි
අළුත් මල්ලි, ටීම් ට්‍රැවලර්ස් දෙන්නම හරි පිළිතුරු දීල තියෙනව. ආයෙ මම කියන්න ඕනෙ නෑනෙ.


Thursday, November 1, 2012

වගා ප්‍රශ්නය


          ඔන්න ලොකු මහත්තයෙක් එයාගෙ වත්ත වගා කරන්න සේවකයො දෙන්නෙක්ට බාර දෙනව. දෙන්නගෙන් එක්කෙනෙක් කඩිසරයි. ඒත් අනිත් කෙනා කම්මැලිය. මේ දෙන්නම එකතු වෙලා දවස් 8 කින් ගෙවත්ත සම්පූර්ණ කරනව.
          කඩිසර සේවකයට මේ ගෙවත්ත දවස් 12කින් තනියම සම්පූර්ණ කරන්න පුළුවන් නම් අනිත් සේවකයට තනියම ගෙවත්ත හදන්න දවස් කීයක් යනවද?

පිළිතුර;

සම්පූර්ණ ප්‍රතිචාර ගණන 2යි
කඩිසර සේවකයට තනියම දවස් 12ක් යනවනම්,
දවස් 8නික් නිම කරන ප්‍රමාණය = 8/12 = 2/3
අනෙක් සේවකය දවස් 8යම කරල තියෙන්නෙ ඉතිරි 1/3 නෙ. ඉතින් 1/3ට දවස් 8 නම් සම්පූර්ණ වැඩේට දවස් ගණන = 8*3 = 24