Monday, December 31, 2012

නැති වුණ ටොෆිය

ඔක්කොටම කලින් මේ පැත්තෙ ආපු නාපු හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දකට සුභ පතනව.

මේ අළුත් අවුරුද්දෙ ඉඳන් අපිත් පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුව. හැමදාම ප්‍රශ්න අහන්නෙ නැතිව වෙන මොනව හරිත් ලියන්න තමයි හිතන් ඉන්නෙ.  තාම මොනව ලියනවද කියල නම් හිතල නැහැ. කොහොම වුනත් සතියකට සැරයක් පුරුදු විදියටම පුශ්නයකුත් අහනව.

හරි එහෙනම් අද ප්‍රශ්නෙ අහන්නම්කො.

ඔන්න තාත්තල දෙන්නෙක් එයාලගෙ පුතාල එක්ක කඩේකට ගියා. එයාල එක්කෙනා එක ගානෙ ටොෆී ගත්ත. ගෙදර ආවම ටොෆී 3යි තිබුනෙ. මේක වුණේ කොහොමද?
කවුරුවත් ටොෆි කාලවත් නැති කරගෙන වත් නැහැ.

3 comments:

  1. අපේ තාත්තයි මමයි (තාත්තල දෙන්නා), මමයි මගේ පුතයි (පුතාල දෙන්න). අපි හැමෝම ගත්ත ටොෆි ගණන තුනයි.

    ReplyDelete
  2. උත්තරේ කලින්ම දීලානේ

    ReplyDelete

ඔබේ අදහස් යෝජනා අපිට ගොඩක් වටිනව.