ඔන්න
මේ මිනී කන්නො මිනිස්සු තුන් දෙනාව එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා විදියට පෝළිමට හිටෙවුව. ඊ ලඟට සුදු පාට තොප්පි 2කුයි කළු පාට තොප්පි 3කුයි අරන් ඇවිත් මිනිස්සුන්ගෙ ඇස් වහල ඔළු වලට 3ක් දාල ඉතුරු තොප්පි 2 හැන්ගුව. දැන් ඇස් ඇරියම පිටිපස්සෙම කෙනාට ඉස්සරහ දෙන්නගෙ තොප්පි පේනව. මැද කෙනාට ඉස්සරහ තොප්පිය පේනව. මුල්ම කෙනාට එක තොප්පියක් වත් පේන්නෙ නැහැ.
නිදහස් වෙන්න ඕනෙ නම් කවුරු හරි තමන් දාගෙන ඉන්න තොප්පියෙ පාට කියන්න වෙනව. මුලින්ම අවස්ථාව ලැබුන අන්තිම කෙනා " දන්නෙ නෑ " කිවුව. ඊට පස්සෙ මැද කෙනත් " දන්නෙ නෑ " කිවුව. හැබැයි අන්තිමට උත්තර දුන්න මුලම හිටපු කෙනාට උත්තරේ දෙන්න පුළුවන් වුණා.
එයා දාගෙන හිටිය තොප්පිය මොන පාටද? දැන ගත්තෙ කොහොමද?
පිළිතුර;
Dini හරි උත්තරේ දීල තියෙනව.
black
ReplyDeleteකෝ හොයා ගත්ත හැටි කියල නෑනෙ.
Deleteජය වේවා.
ඉස්සරහ තොප්පි 2ම සුදු වෙන්න ඇති. එතකොට එයාගේ ඔලුවේ තියන එක කළු පාට වෙනවා!!!!!!!
ReplyDeleteප්රශ්නෙ හරියට තේරුම් අරන් නෑ වගේ. උත්තරේ දෙන්නෙ ඉස්සරහම ඉන්න කෙනා. එයාට කාගෙ වත් තොප්පි පේන්නෙ නැහැ.
Deleteඑයා දාගෙන හිටියේ කළු පාට එකක් මොකද එයා දැක්කා හංගලා තියෙන සුදු තොප්පි දෙක.
ReplyDeleteඋත්සාහයක් පමණි :)
හොඳ උත්සාහයක්. ඒත් සහෝ මේකෙදි හොර ක්රම ඔට්ටු නැහැ.
Deleteඑයා දාල ඉන්නේ කලු පාට තොප්පියක්.
ReplyDeleteහේතුව :
අන්තිම කෙනා 'දන්නේ නෑ' කියන්නේ, ඉස්සරහ ඉන්න දෙන්නාගෙන් 2ම හරි 1ක් හරි කලු තොප්පි දාල ඉන්න නිසා.දෙන්නම සුදු නම් අවුලක් නෑනේ.දෙවෙනි කෙනා 'දන්නේ නෑ' කියන්නේ ඉස්සරහ කෙනා කලු තොප්පියක් දාල ඉන්න නිසයි.මොකද ඉස්සරහ කෙනා සුදු එකක් දාල හිටිය නම් අනිවාර්යෙන් තමන් දාල ඉන්නේ කලු තොප්පියක් කියල එයා දන්නවා.ඉතින් එයත් දන්නේ නෑ කීවම තමන් දාල ඉන්නේ කලු තොප්පියක් කියල මුල ම හිටපු කෙනා දැනගත්තා.
උත්තරේ හරී...
Deleteජය වේවා !!!