Saturday, December 1, 2012

ළමයින්ගෙ වයස සොයන්න

අද නම් ටිකක් අමුතු ප්‍රශ්නයක් තියෙන්නෙ. :) ඊට කලින් අට කොන් තරුව විසඳන්න බැරි වුන අය පොඩි උත්සාහයක් දාල බලන්න. උදව්වකුත් කරල තියෙනව. හැබැයි ඉතින් මටත් තාම විසඳගන්න බැරි වුණා. එහෙනම් අද ප්‍රශ්නෙ පටන් ගමු.

ඔන්න සංගණනයක් කරන්න එක නිලධාරියෙක් ගෙදරකට යනව. ඒ ගෙදර ඉන්නෙ ගෑණු කෙනෙකුයි එයාගෙ ළමයිනුයි විතරයි. ඉතින් ගෙදර දොර අරින්නෙ නැහැ. ඇතුලෙ ඉඳන්ම උත්තර දෙනව. සංගණනය කරන්න ආව නිලධාරිය අහනව මේ ගෑණු කෙනාට ඉන්න ළමයි ගාණයි එයාලගෙ වයසයි. ඉතින් මේ කාන්තාව මෙහෙම උත්තර දෙනව.

"මට ළමයි තුන් දෙනෙක් ඉන්නව. එයාලගෙ වයස් වල ගුණිතය 36යි එකතුව අල්ලපු ගෙදර අංකයට සමානයි."

නිලධාරිය අල්ලපු ගෙදර අංකෙ බලල ආයෙත් තව දත්ත අවශ්‍යයි කියනව. එතකොට මේ කාන්තාව උත්තර දෙනව,

"මගේ ලොකු පුතා නාන කාමරයේ." කියල

ඊට පස්සෙ නිලධාරිය "මට අවශ්‍ය දත්ත සම්පූර්ණයි. බොහෝම ස්තූතියි" කියල යන්න යනව.

දැන් එහෙනම් මේ ළමයි තුන් දෙනාගෙ වයස් කියන්නකො
(දත්ත සියල්ලම යොදා ගන්න)


පිළිතුර;

මේ ප්‍රශ්නෙ කියෙව්වම එක එක විදියෙ පිළිතුරු හිතෙන්න පුළුවන්. ඒත් නිවැරදි පිළිතුර විදියට සලකන්න පුළුවන් 9,2,2 කියන පිළිතුර විතරයි. දිනිති නිවැරදි පිළිතුර දීල තිබුණ.

9,2,2 ගත්තම එකතුව 13යි. ඉතින් අල්ලපු ගෙදර අංකෙ බැලුවට නිලධාරියට ප්‍රශ්නයක් ඉතුරු වෙනව. මොකද එකතුව 13ක් හා ගුණිතය 36ක් වෙන අවස්ථා 2ක් තියෙනව. ඒ කමා 9,2,2 හා 6,6,1. ඉතිං ඊට පස්සෙ ලොකු පුතෙක් ගැන කියන නිසා 9,2,2 තොරගන්න පුළුවන්.

තව 12,3,1 / 6,3,2 / 4,3,3 / 9,4,1 වගේ උත්තර හිතෙන්න පුළුවන්. මේවගෙ එකතු වන පිළිවලින් 16, 11, 10, 14 යන අගයන් ලැබෙන අවස්ථා එකක් පමණක් පවතින නිසා මෙම අවස්ථා පිළිගන්න බෑ. මොකද නිලධාරියට ආපහු ඇවිත් අමතර දත්ත ඉල්ලන්න අවශ්‍යතාවයක් නැහැ.




5 comments:

  1. ළමයි 2ක් නිවුන්නු වෙන්න පුළුවන් ද? මට උත්තර 2ක් එනව.ඒකයි අහන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් උත්තර 2ක් තියෙනව. නිඹුල්ලු ඉන්න පුළුවන්.

      Delete
    2. උත්තරේ අවු.9,2,2 හෝ 9,4,1

      Delete
    3. එක උත්තරයක් හරි.

      Delete
    4. ගාණට හරි උත්තර 1යි තියෙන්නෙ. මට කලින් වැරදුණා.

      Delete