Saturday, November 17, 2012

වර්ගඵලය සොයන්න


ඉහත රූපයේ අඳුරු කරපු කොටසේ වර්ගඵගය සොයන එක තමයි කරන්න තියෙන්නෙ. රූපයේ තියෙන විදියට කුඩා වෘත්තය ස්පර්ශ වෙන්න විශාල වෘත්තයට ඇඳපු ජ්‍යාය සෙන්ටි මීටර 20ක් දිගයි. පොඩ්ඩක් කල්පනා කරල බලන්නකො. හරියට මීටර් උනොත් බොහොම සරල ප්‍රශ්නයක් තියෙන්නෙ.
π, මේකත් උත්තරේට ඕනෙ වේවි. ) 


පිළිතුර;

දිනිති, නිරෝෂාන් නිවැරදි පිළිතුරු දීල තිබුණ. කොහොම උනත් හදපු ක්‍රමය පැහැදිලි වෙන්න ඕන නිසා මාත් පිළිතුර කියන්නම්.
කුඩා වෘත්තයෙ වර්ගඵගලය r හා විශාල වෘත්තයෙ වර්ගඵගලය R  කියල ගමු.
පයිතගරස් ප්‍රෙම්යට අනුව,
r 2 + 102 =  R2
πr 2 + π102 =  πR2
π102 = πR2 – πr2
අඳුරු කල කොටසේ වර්ගඵලනය = πR2 – πr2 = 100π

6 comments:

  1. උත්තරේ 100π වර්ග සෙන්ටිමීටර්

    ReplyDelete
    Replies
    1. අදනම් හරිද කියන්න බෑ. සෙනසුරාදට කියන්නම්කො.

      Delete
  2. ජ්‍යාමිතිය ගණන් කීපයකුත් හදමුද? :)

    ReplyDelete
    Replies
    1. ජාමිතියට ආසයි වගේ නේද? ඉස්සරහට දාන්නම්කො. ;)

      Delete
  3. විශාල රව්මේ අරය r1 හා කුඩා රවුමේ අරය r2 නම්
    r1^2-r2^2 =102
    2r1^2=20^2
    r1^2=200

    r2^2=100
    අදුරැ කර ඇති කොටස = π r1^2- π r2^2
    π (200-100)
    100π

    ReplyDelete
    Replies
    1. පිළිතුරට ස්තූතියි. දිගටම මේ පැත්තෙ එන්නකො.
      ජය වේවා !

      Delete