Thursday, February 28, 2013

වෙලාව කීයද ?

එක එක වැඩ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා.  ඔන්න එහෙනම් අයෙත් අද ඉඳන් ඉස්සර වගේම සතියට එක ගානක් වත් දාන්නම්කො. පුළු පුළුවන් විදියට ඇවිත් හදන්න උත්සහ කරන්න. දැන් අද ගාන බලමුකො.

චාමර එදත් වෙනද වගේම වැඩට යන්න ලෑස්ති වුණා. ගෙදර කන්නාඩිය ඉස්සරහට ගියපු චාමර කණ්නාඩියෙන් ඔරලෝසුවෙ ප්‍රතිබිම්භයක් දැක්ක. ඔරලෝසුවේ වැරද්දක් තියෙනවා කියල උපකල්පනය කරපු මෙයා බයික් එකට නැගල වැඩට ගියා. විනාඩි 20ක ගමනින් පස්සෙ කර්යාලෙට ගියපු චාමර කාර්යාලෙ ඔරලෝසුවෙ වෙලාව ගෙදර කණ්නාඩියෙන් දැකපු වෙලාවට වඩා පැය 2  1/2ක් ( පැය 2 මිනිත්තු 30 ක් ) වැඩි බව දැක්ක.
චාමර කර්යාලෙට ආව වෙලාව කීයද ?


පිළිතුර;

ජෝංබාස් හරි පිළිතුර දීල තියෙතව.

කණ්නාඩියෙන් ප්‍රතිබිම්භයක් හැදෙනකොට වෙනස් වෙන්නේ නැති වෙලාවල් 2ක් තියෙනවා. ඒ 12.00 , 06.00. ඉතින් වෙන ඕනෙම වෙලාවක් කන්නාඩියෙන් බලනකොට වෙනස් වෙන්නේ මේ වෙලාවල් 2 වටේට  සමමිතිකව. සාමාන්යෙන් 12ට වැඩට යන්නේ නැති නිසා 6.00 ආසන්නයේ වෙලාවක් කියල ගමු. 
ගමනට විනාඩි 20ක් ගියපු නිසා ගෙදරින් පිටත් වෙන කොට හරි වෙලාවයි ප්‍රතිභිම්බයි අතර  පරතරය පැය 2යි විනාඩි 10යි. ඒක 2න් බෙදල 6:00න් දෙපැත්තට  දාන්න ඕනෙ. ඒ කිව්වේ 6:00න් පැය 1යි විනාඩි 05ක් අඩු කරාම ගෙදරින් එද්දි කණ්ණාඩියේ පෙන්නපු වෙලාවත්, 6:00ට පැය 1යි විනාඩි 05ක් එකතු කරල හරි වෙලාවත් හොයා ගන්න පුළුවන්. 

චාමර ගෙදරින් ඇවිත් තියෙන්නේ 7:05ට. ඉතින් වැඩට එද්දී වෙලාව 7:25යි.

5 comments:

  1. මේක නම් හොඳටම අමාරුයි :)

    ReplyDelete
    Replies
    1. ඊලඟ එක ටිකක් ලේසි කරන්නම්කො.

      Delete
  2. කාර්යාලයට ආපු වෙලාව 7.25 . උත්තරය හරි ඇති කියලා හිතනවා.මේ උත්තරේ අනුව ගෙදරින් පිටත් වුන වෙලාව කන්නාඩියන් දකින්න ඇත්තෙ 4.55 විදිහට. නමුත් එතකොට ඇත්ත වෙලාව 7.05....

    ReplyDelete
    Replies
    1. කන්නාඩියෙන් බලද්දි පාර්ශ්වික අපවර්තනයක් වෙනවනෙ. එතකොට කන්නාඩියෙන් පෙනුන වෙලාව y:x කියලා ගත්තොත්. ඒ වෙලාවෙ ඇත්ත වෙලාව වෙන්නෙ (11-y):(60-x).
      එතකොට ඔෆිස් එකේදි බලනකොට වෙලාව (11-y):(60-x)+20. දැං ඉතිං ප්‍රකාශන දෙක අඩු කරලා පිලිතුර 2:30 ට සමාන කරන්න. yට පුර්ණ සංඛයාවක් ගන්න ඕන නිසා yට තියෙන භාග ග‍ණන් විනාඩි කරලා xට එකතු කරන්න.

      Delete
    2. හරි පිළිතුර දීල තියෙනවා
      සුභ පැතුම්!!!

      Delete