Tuesday, March 5, 2013

Google එකේ ලස්සන වැඩ ටිකක්...

අද නම් ගානක් දාන්න නෙමෙයි මම ආවේ.Google එකෙන් කරන්න පුළුවන් පොඩි tricks වගයක් ගැන කියන්න.

ඒහැම දේම බලාගන්න නම් Google search box එකේ පහලින් දාල තියෙන විදියට type කරලා,  " I'm feeling lucky " click කරන්නයි තියෙන්නේ.Google instant ,active කරලා නම් තියෙන්නේ,  search කරද්දී එන suggestion එක ඉස්සරහින් තියෙන "I'm feeling lucky ", link එක click කරන්න.

1. " do a barrel roll "
     මෙහෙම type කරලා ටිකක් වෙලා බලන් හිටියම screen එක 360° කින් භ්‍රමණය වෙනවා බලාගන්න පුළුවන්.:P

2. " Google underwater "
     මේකෙන් Google වතුරේදී තියෙන විදිය බලාගන්න පුළුවන්.වතුරේ තියෙන search box එකේ අපිට ඕනේ දේ type කලාම, ඒවාට අදාල pages වතුරට වැටෙනවා.:D

3. " Google guitar "
     මෙහෙම type කලාම, ඔයාලට Google එක වෙනුවට Guitar එකක් දකින්න පුළුවන්.ඒක play කරන්නත් පුළුවන්. :)

4. " Google gravity "
     මේ විදියට type කරලා, ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ.එතකොට පෙනෙයි screen එකේ තියෙන හැමදේම බිමට වැටෙනවා.ඒ වැටෙන කොටස් අපිට ඕනේ නම් උඩට අදාල අරන් ආපහු අත්හැරල දාන්නත් පුළුවන්. :P

5. " elgoog " හෝ " Google backwards "
     මෙහෙම type කලාම, google home page එක mirror image එකක් වගේ බලාගන්න පුළුවන්.:)

6. " epic google "
     මෙහෙම type කලාම Google search box එක සහ, ඒ එක්ක තියෙන අනිත් buttons ටිකෙන් ටික ලොකු වෙනවා ( shrink වෙනවා ) බලාගන්න පුළුවන්.:)

7. " Weenie google "
     මෙහෙම type කලාම ඉස්සෙල්ල epic google එකේ විරුද්ධ පැත්ත බලාගන්න පුළුවන්.ඒ කිව්වේ, google search box එක සහ අනෙක් buttons ටිකෙන් ටික පොඩි වෙනවා.:)

8." askew "
    මෙහෙම type කලාම page  එක ටිකක් ඇද වෙනවා බලාගන්න පුළුවන්:)

9. " Google reverse "
    මෙහෙම type කලාම Google , reverse වෙලා (පැත්තකට වැටිලා) තියෙනවා බලාගන්න පුළුවන්.:)

10. " Google upside down "
    මෙහෙම type කලාම,Google  upside down වෙලා තියෙන බලාගන්න පුළුවන්.:P



මේ මම ලිව්වේ google එකේ තියෙන tricks ටිකක් නේ.තව හොයාගත්තොත් ඉස්සරහට post එකක් දාන්නම්.

මීට අමතරව තව දෙයක් හම්බවුනා.මේ දවස්වල ජනප්‍රිය dance එකක් ගැන.

Youtube එකට ගිහින් ඒකෙ search box එකේ " do the harlem shake " කියල type කරලා search button එක click කරලා ටිකක් වෙලා බලන් ඉන්නකෝ... :D
Youtube, logo එක මුලින්ම නටනවා පෙනෙයි. හැබැයි පස්සේ තමයි හොඳම ටික. මුළු page එකම නටයි !
හි හි.... ඔයාලම බලන්නකෝ ! :P


6 comments:

  1. http://elgoog.im/snake/ :D
    and http://elgoog.im/terminal/
    so fun ! there is a lot more! :P =D

    ReplyDelete
    Replies
    1. thnx! i have mentioned some of them too :)

      Delete
  2. හ්ම්ම් මාත් ඉස්සර ඕවා කරලා බැලුවා.ආයේ කරලා බලන්න ඕන.ස්තුතියි ලිපියට :)

    ReplyDelete
  3. ලස්සන වැඩ ටිකක් ....කලින් අහල තිබ්බේ Google gravity ගැන විතරයි...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! තව අලුත් දෙයක් හමුවුනොත් දාන්නම් කෝ :)

      Delete

ඔබේ අදහස් යෝජනා අපිට ගොඩක් වටිනව.