Thursday, November 29, 2012

අට කොන් තරුව



සෑම පේලියක ම වෘත්තවල එකතුව 34 වන සේ මෙම රූපයේ දැක්වෙන වෘත්ත වලට 1 සිට 16 දක්වා වූ සංඛ්‍යා යොදන්න. :)
මේ  ගාණ ටිකක් අමාරුයි වගේ නිසා මං උදව්වක් කරන්නම්.
A = 10 , B = 14 ලෙස යොදාගෙන හදන්න බලන්නකෝ :)

පිළිතුර  ;

පිළිතුර දෙන්න කලින් කියන්න ඕනේ,මගේ අතින් පොඩි වැරද්දක් වුනා.මින් ඉදිරියට ඒ වගේ වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.සමාවෙන්න!මට කියන්න බැරි වුනා E,I,H,L යන අකුරු වලට අදාළ සංඛ්‍යා ඒ හරහා යන තිරස් හෝ සිරස් පේලි වලට එකතු වෙන්නේ නැහැ කියල. එහෙම ගත්තම උත්තරේ වෙන්නේ..
A = 10 , B = 14,
C = 8, D = 4, E = 2, F = 16, G = 6,
H = 13, I = 7,

J = 5, K = 11, L = 12, M = 3, N = 15,
O = 9, P = 1.
ගණන හදන්න උත්සාහ කරපු හැමෝටම ස්තුතියි !

1 comment:

  1. 1 ඉඳන් 16ට ඉලක්කම් වල එකතුව 136යි. මේකෙදි ඉලක්කම් 12ක් දෙසැරයක් එකතු කරනව. අනිත් 4 තුන් සැරයක් එකතු වෙනව. ඉතින් ඉලක්කම් වල එකතුව 136 ඒව දෙකකට (272) ට වඩා වැඩි වෙන්න ඕනෙනෙ. ඒත් 34 ඒව 8ක් 272යි. සමහරවිට මට කොතන හරි වැරදිලා ඇති. ඒත් දැන් ඒක හිතාගන්න අමාරුයි. පස්සෙ ආයෙත් බලන්නම්කො. :)

    ReplyDelete