Wednesday, November 7, 2012

ඉතිරි ප්‍රශ්නය

ඔන්න ගණුදෙනුකරුවෙක් බැංකුවක රුපියල් 5000 100ක් තැන්පත් කරාලු. දැන් කස්ටිය අහවි රුපියල් 100 අහවල් එකටද බැංකුවෙ දැම්මෙ කියල. ප්‍රශ්නෙ සරල කරන්න තමයි 100ක් ගත්තෙ. ඉතින් මේ මනුස්සය 6 සැරේකට මේ රුපියල් 100 ගන්නව. ඒ මුදල් ගත්තු හැටි හා ඉතිරිය පහතින් දීල තියෙනව.

ආපසු ගැනීම             ඉතිරිය
  50                            50
  25                            25
  10                            15
   8                               7
   5                               2
   2                               0    
  100                          99

මේ එකතු දෙක අසමාන ඇයි?

පිළිතුර;

සම්පූර්ණ ප්‍රතිචාර 4යි
අළුත් මල්ලි, ටීම් ට්‍රැවලර්ස් දෙන්නම හරි පිළිතුරු දීල තියෙනව. ආයෙ මම කියන්න ඕනෙ නෑනෙ.


4 comments:

  1. හෑ... ඉතිරිය එකතු කරලා මුල් ගාන ගන්න ක්‍රමේකුත් තියෙනවද... ගත්ත ගාන එකතු කරොත් නම් මුල් ගාන එනවා...

    ReplyDelete
    Replies
    1. පුදනකොටම කාපි යකා කිව්වලු :)

      Delete
  2. ඉතිරිය එකතුකරන එක වැරදියි නේද?

    පෙරා!

    ReplyDelete